"පුළුවන්නම් විපක්ෂෙට මඩ නොගහා යාළු රටකින්වත් තෙල් ගන්න බලන්න" - නාමල් ආණ්ඩුව අමතයි

Report

වත්මන් ආණ්ඩුව ඩීසල් මිලදී ගන්නේ ලෝක වෙළෙඳපොළ මිලට වඩා ඩොලර් 45කින් වැඩියෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (22) කොළඹදී මාධ්‍යයට ප්‍රකාශ කළේය.

ආණ්ඩුව කලින් ප්‍රකාශ කළේ මිත්‍රශීලී රටවල් සමඟ සාකච්ඡා කර අඩු මිලකට තෙල් ගන්න හැකියාව තිබෙන බව බවත්, එවැනි මිත්‍ර රටක් තිබේ නම් ඒ සමඟ සාකච්ඡා කර තෙල් ලබා ගැනීමට උත්සාහ කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය.

“ආණ්ඩුව මේ මොහොතේ විපක්ෂයට මඩ ගැහුවා කියා ජනතාවගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ජනතාවට ඉන්ධන අඩු මිලකට ලබා දෙන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. මිත්‍ර රටකින්වත් තෙල් ගන්න බලන්න”

යැයි නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනයට රජයේ අවධානය

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනයට රජයේ අවධානය

'' ඩීසල් නැව් එනවා ''ඇමති නලින්දගෙන් ඉදිරියට එන ඉන්ධන නැව් ගැන හෙළිදරව්වක්

'' ඩීසල් නැව් එනවා ''ඇමති නලින්දගෙන් ඉදිරියට එන ඉන්ධන නැව් ගැන හෙළිදරව්වක්