පාසල් සිසුන් පිරිසක් වාහනයකින් ගොස් තවත් පාසල් සිසුන් පිරිසකට පහර දෙයි
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
Sri Lankan Schools
By Sithumi
පාසලක සිසුන් පිරිසක් වාහනයකින් ගොස් එම ප්‍රදේශයේම තවත් පාසලක සිසුන් පිරිසකට පහර දීමේ පුවතක් වාර්තා වනවා.
ඒ බුත්තල ප්‍රදේශයේ සිසුන් පිරිසකි. අද(20) උදෑසන අදාළ වාහනයෙන් පැමිණි එම සිසුන් පිරිස අනෙක් පාසලේ ගේට්ටුව අසලටම පැමිණයි මෙම පහර දීම සිදුකර තිබෙන්නේ.
පහර දීමට ගිය සිසුන් පිරිස ගොස් ඇත්තේ කැබ් රථයක් උපයෝගී කරගනිමින්. පෞද්ගලික ආරවුලක් මෙම ගැටුමට හේතු වී ඇති අතර සිද්ධියට සම්බන්ධ පාසල් දෙකේ ඉගෙනුම ලබන ප්‍රධාන සිසුන් දෙදෙනා ඥාතීන් බවටයි පැවසෙන්නේ.
අනතුරුව පාසල් දෙකෙහි අදාළ සිසුන් පිරිස බුත්තල පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
