ව්‍රායි නගරාධිපතිනියට දැන් ජපන් නටන්නත් පුළුවන්

By Hashini Jul 13, 2025 12:19 AM GMT
Report

ජපන් – ශ්‍රී ලංකා සහයෝගිතා මිත්‍රත්වයට 73 වසරක් පිරෙන මෙම වසරේ ජපානයේ සාම්ප්‍රදායික සංස්කෘතික උත්සවයක් වන බොන් ඔඩාරි සමරු උත්සවය ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය, ජාතික තරුණ සේවා සභාව ඇතුළු සංවිධාන රාශියකගේ මූලිකත්වයෙන් ඊයේ (12දා) මහරගම ජාතික තරුණ සේවා සභාවේදී පැවැත්වුණා.

ජපානයේ සංස්කෘතිය හා ශ්‍රී ලංකාවේ සංස්කෘතිය අතර අන්‍යොන්‍ය අවබෝධය වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සිටින ජපන් ජාතික ප්‍රජාව සහ ජපානය සමග කටයුතු කරන ආයතන, සංවිධාන හා තරුණ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. ශ්‍රී ලාංකේය තරුණ තරුණියන් සහ ජපන් දරු – දැරියන්ගේ සංස්කෘතික හා සෞන්දර්යාත්මක ප්‍රසංග සහ ජපානයේ සිට පැමිණෙන ප්‍රවීණ ගායිකාවකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන සංගීත වැඩසටහනක් ද මෙම සාම්ප්‍රදායික ජපන් සංස්කෘතික උළෙලට ඇතුළත්ය.

අද ලග්න පලාපල – 2025 ජූලි 13 | අද ඔබේ ලග්නය කියන දිනේ ගැඹුරු රහස්

අද ලග්න පලාපල – 2025 ජූලි 13 | අද ඔබේ ලග්නය කියන දිනේ ගැඹුරු රහස්

ජපන් ආහාර සංස්කෘතිය නියෝජනය කරන ආහාර අලෙවිසල් හා වෙළෙඳ කුටි ඇතුළත් ප්‍රදර්ශනයක් ද මෙම වැඩසටහනට සමගාමීව පැවැත්වේ. ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතාගේ ආරාධනයෙන් තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, ජපන් තානාපති මිෂු කෝෂි හිදෙකියන මහත්වරුනගේ සහභාගිත්වයෙන් පැවැත්විණි..

කොළඹ නගරාධිපතිනි ව‍්‍රායි කැලී බල්තසාර් මහත්මියද එම අවස්ථාවට එක්ව සිටියාය.

ඇය ජපන් සංස්කෘතික අංගයකට එක්වෙමින් නර්තනයකද යෙදුනාය.

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්.. මේ ප්‍රදේශවල අය පරිස්සමෙන්

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්.. මේ ප්‍රදේශවල අය පරිස්සමෙන්