පොලීසියේ ඇස් ඉදිරිපිටම ඇවිලුණු බස් වළිය - (VIDEO)

Sri Lanka Police Badulla Sri Lanka Police Investigation Srilanka Bus
By Sewvandhi Mar 25, 2024 03:54 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අද (25) සවස බදුල්ල -මුත්තෙටුවේගම අතර ධාවනය වන පුද්ගලික බස් රථයක සේවකයන් හා එම මාර්ගයේම ධාවනය වන ලංගම බස්රථයක සේවකයන් අතර බදුල්ල මධ්‍යම බස්නැවතුම්පොළේදී ගැටුමක් ඇතිවුණි.

බදුල්ල පොලීසිය පවසන්නේ, එහිදී තුවාල ලැබූ ලංගම සේවකයින් දෙදනෙක් බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළු කළ අතර පහරදීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලික බස්රථයේ රියදුරු සහ සහායකව අත්අඩංගුවට ගත් බවයි.

පොලීසිය සඳහන් කළේ, බස්රථ ධාවන වේලාව පිළිබඳ ඇතිවූ බහින්බස්වීමක් සමග පුද්ගලික බස්රථයේ රියදුරු විසින් ලංගම බස්රථයේ රියදුරාට සහ කොන්දොස්වරයාට පිහියකින් ඇන තුවාල සිදුකර ඇති බවයි.

මේ සිද්ධියෙන් පසුව ලංගම සේවක පිරිසක් පුද්ගලික බස්රථයක පහරදී අලාභ හානි සිදුකර ඇති අතර මෙහිදී උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ.