බස් ගාස්තු ඉහළ දැමීමේ සූදානමක්..
By Sithumi
අකමැත්තෙන් වුවද අවම වශයෙන් බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
හාරිස්පත්තුව, අංකුඹුර නගර සංවර්ධන ව්‍යාපෘතියකට අද (26) සහභාගීවු රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ ඒ බව සඳහන් කළේය. "බස් ගාස්තු වැඩිකිරීම සම්බන්ධයෙන් මගියා ගැන කල්පනා කරලා අපි යන්න පුළුවන් අවම සංශෝධනයකට යන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නැවතත් බස් ගාස්තු අඩු කිරීමේ කොන්දේසියකට යටත්වයි."
"ඒ නිසා යම් ගාස්තු සංශෝධනයකට ලබන සතියේ අපිට යන්න වෙනවා. මේවා කැමැත්තෙන් කරන දේවල් නෙමෙයි." "ඉන්ධන මිලේ පහළ වැටීමක් වුණාම සහ ආසන ගත මගී සංඛ්‍යාවේ නීතිය ඉවත් කරපු දවසට නැවත ගාස්තු අඩු කරනවා. ඒ නිසා ලබන බදාදා වෙනකොට බස් ගාස්තු සුළු වැඩිවීමක් සිදුකරනවා."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |