බස් රථ මගීන් සම්බන්ධයෙන් රජය විශේෂ තීරණයක් ගනී..
මගී ප්‍රවාහන බස් රථ ධාවනය කරන අයුරු පැය 24 පුරාම අඛණ්ඩව නිරීක්ෂණය කිරීම සඳහා, එම බස් රථවල ජී.පී.එස්. උපකරණ සවි කිරීමට රජය තීරණය කර තිබෙනවා.
මහාමාර්ගයේ එක් නැවතුම්පොළක බොහෝ වේලාවක් නවතාගෙන සිටින මගී බස් රථ හඳුනාගෙන, ඊට එරෙහිව පියවර ගැනීමේ අරමුණින් මෙම ජී.පී.එස්. උපකරණ සවිකිරීමට නියමිත බවයි පැවසෙන්නේ.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථවලට මෙන්ම, සියලුම පෞද්ගලික බස් රථවලටද ජී.පී.එස්. උපකරණ සවි කිරීමේ ව්‍යාපෘතිය ඉදිරියේදී දියත් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩෝ මහතා සඳහන් කළා.
‘‘මෙරට මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරි නවයක් තිබෙනවා. පළාත්බද බස්රථ නියාමනය කරන්නේ එම අධිකාරි මගින්.
එම බස් රථ හෙමින් ගමන් කරනවා නම් ඒවා එක් නැවතුම්පොළක බොහෝ වේලාවක් නතර කර තිබෙනවා නම් ඒ පිළිබඳ සොයා බලන්නේ මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය මගින්.
අන්තර් පළාත් දුර ගමන් සේවා බස් රථවලින් යම් ප්‍රමාණයක ජී.පී.එස්. උපකරණ සවිකර තිබෙනවා.
ඉදිරියේදී සියලුම බස් රථවලට ජී.පී.එස්. උපකරණ සවි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා’’ යැයි ආචාර්ය නිලාන් මිරැන්ඩෝ වැඩිදුරටත් සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |