ගෑස් ගැන අලුත්ම ආරංචිය මෙන්න..ගෑස් පැමිණෙන දිනත් කියයි.

Ranil Wickremesinghe Litro Gas Sagala Ratnayaka
By Aruna Jun 30, 2022 03:12 AM GMT
Aruna

Aruna

Report

මාස 4කට අවශ්‍ය ගෑස් මෙට්ට්‍රික් ටොන් ලක්‍ෂයක් මිලදී ගැනීමට අදාළ ගිවිසුමට අද දිනයේ අත්සන් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ, ලිට්‍රෝ සමාගම සහ ලෝක බැංකුව අතරයි.

ලෝක බැංකුවේ සහාය මත මෙම ගෑස් තොගය දිවයිනට ලබාගැනීමටයි නියමිතව ඇත්තේ.

ඊට වැය වන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 90 ක්. ඉන් ඩොලර් මිලියන 20 ක් ලිට්‍රෝ සමාගම ලබාදෙන බවයි අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ කමිටු නියෝජිත හිටපු අමාත්‍ය සාගල රත්නායක පැවසුවේ.

එම ගෑස් තොගයෙන් කොටසකට අයත් නෞකා ජූලි 06, 10, 16, 19 සහ 21 යන දිනවලදී දිවයිනට ළගාවීමට නියමිතව තිබෙනවා.

ජූලි 30 වනදා වනවිට ගෑස් මෙට්‍රික් ටොන් 33,000 ක් දිවයිනට ලැබෙනු ඇති බවටයි ආණ්ඩුව විශ්වාසය පළ කරන්නේ.

එහිදී අදහස් පළ කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ රටේ ආර්ථික කඩා වැටීමට කරුණු 4 ක් බලපා ඇති බවයි.

මේ අතර ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඉන්ධන තොග සම්බන්ධයෙන්ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මේ වනවිට සංස්ථාව සතුව පවතින්නේ ඩීසල් මෙට්‍රික් ටොන් 11,000 ක් පමණක් බවයි අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ කමිටු නියෝජිත හිටපු අමාත්‍ය සාගල රත්නායක ප්‍රකාශ කළේ.

පෙට්‍රල් පවතින්නේ මෙට්ට්‍රික් ටොන් 5,000 ක් පමණයි. මෙට්ට්‍රික් ටොන් 30,000 ක දැවි තෙල් ප්‍රමාණයක් මේ වනවිට රට තුළ පවතිනවා.

භූමිතලේ සහ ගුවන් යානා ඉන්ධන පවතින ප්‍රමාණය මෙට්‍රික් ටොන් 800 ක් දක්වා පහත වැටී තිබෙන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

පෙට්‍රල් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිතව ඇත්තේ ජූලි 22 වනදායි.

ඊට පෙර තවත් ඉන්ධන නෞකා දෙකක් මෙරටට ලබාගැනීමට ඉන්දියාව සමග සාකච්ඡා කරන බවයි අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ කමිටු නියෝජිත හිටපු අමාත්‍ය සාගල රත්නායක එහිදී සඳහන් කළේ.

ඩීසල් නෞකාවක් මෙරටට ජූලි මස 11 වනදාත් 15 වනදාත් අතර කාලයේදී දිවයිනට ළඟවීමට නියමිතව තිබෙනවා.

මේ අතර ඉන්ධන ලබාගැනීමේ අරමුණින් තවදුරටත් ජනතාව පෝලිම්වල රැදී සිටිනවා.

ප්‍රදේශ කිහිපයක එලෙස රැදී සිටි පුද්ගලයන්ගෙන් කළ විමසීමකදී ඔවුන් ප්‍රකාශ කළේ දින තුනකට අධික කාලයක සිට අඛණ්ඩව තමන් එලෙස පෝලිම්වල රැදී සිටින බවයි.

බොහෝ පිරිසක් IOC ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව එලෙස රැදී සිටින බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

IOC ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නිකුත් කරනු ලබන්නේ ටෝකන් පත්‍ර ක්‍රමයටයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now