බස් රථ දෙකක් රේස් ගිහින් අනතුරක් - ගංජා පානයට ඇබ්බැහි වූ රියදුරෙක් අත්අඩංගුවට
By Kaushi
අධික වේගයෙන් යුතුව තරගයට ධාවනය කළ බස් රථ දෙකක් කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයේ වෙට්ටුමකඩ මංසන්දියේ දී අනතුරට ලක් වී ඇත.
එහිදී එක් බස් රථ රියදුරෙකු පිළිබඳව පොලීසියට ඇති වූ සැකයක් මත ඔහුව කළුතර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබෙනවා.
ඒ අනුව එහිදී හෙළි වී ඇත්තේ ඔහු ගංජා පානයට ඇබ්බැහි වූවකු බවයි. අදාළ රියදුරු කළුතර දකුණ පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක් බව වාර්තා වේ.
සැකකරු හෙට (07) දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.