අලුත් වුණ පොල්පිටිය පොලිස් ස්ථානය විවෘත කරයි
හැටන් පොලිස් කොට්ටාශයට අයත් ගිනිගත්හේන පොල්පිටිය පොලිස් ස්ථානය මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් අද (06) දින පස්වරුවේ විවෘත කර ඇත.
මෙම පොලිස් ස්ථානය විවෘත කරනු ලැබූවේ පොල්පිටිය පොලිස් ස්ථානය තිබූ ස්ථානයේ ඉඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන්.
ඒ අනුව බෝඩ්ලන්ඩ් ජල විදුලි බලාගාරය ඉදි කිරිමේදී එහි කොන්ත්‍රාත්කාර චීන සමාගමේ ඉංජිනේරුවන් කාර්යාලයක් ලෙස පවත්වාගෙන ගිය පොල්පිටිය මංසන්ධියේ පිහිටි ගොඩනැගිලි සහ ඉඩම පොලිස් දෙපාර්තමේන්තුව වෙත පවරා ගැනීමෙන් පසුව අඳාළ ගොඩනැගිලි පොලිස් ස්ථානයක් වශයෙන් නවිකරණය කර ඇත.
මෙම පොල්පිටිය පොලිසිය මඟින් පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 7කට අයත් පවුල් 2465ක සාමාජිකයන් 7569 දෙනෙකු ආවරණය කරයි.
එසේම මෙම පොලිස් ස්ථාන විවෘත කිරිමේ අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් පා.ම. මංජුල සුරවීර ආරච්චි, නුවරඑලිය දිසාව සභා නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත චන්ද්‍රසිරි, හැටන් කොට්ටාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් විරසේකර මහතා ඇතුලු හැටන් පොලිස් කොට්ටාශයේ සියලුම ස්ථානාධිපතිවරුන් පැමිණ සිටි බව සඳහන්.