ඛේදවාචකයක් - අලි රංචුවකින් බේරෙන්න පැනපු ඇළේදි කිඹුල් ප්‍රහාරයකින් පුද්ගලයෙක් මරුට
By Kaushi
අලි රංචුවකින් බේරී පලා යමින් සිටි ධීවරයෙකු කිඹුල් ප්‍රහාරයකට ලක්ව දිවි අහිමි වීමේ පුවතක් නැගෙනහිර සැම්බියාවෙන් වාර්තා වී ඇත.
එසේ මියගොස් ඇත්තේ, 52 හැවිරිදි ධීවරයෙකු බව එරට පොලීසිය සඳහන් කරයි.
එම ධීවරයා පෙරේදා (04) දින මිතුරන් දෙදෙනෙකු සමඟ ධීවර චාරිකාවකට ගොස් ආපසු යමින් සිටියදී ඔවුන් අලි ඇතුන් රංචුවකට හසු වී තිබෙනවා.
පසුව ඉන් මිදී ඔවුන් පලා ගොස් ඇති අතර, මියගිය ධීවරයා දිවි බේරා ගැනීමට ඇළකට පැන ඇත.
එහිදී ඔහු මෙම කිඹුල් ප්‍රහාරයට ලක්ව ඇති බව සඳහන්.