ඉඩම් හා නිවාස මිල ඉහළ යන්න මේකද හේතුව? ඇමතිගෙන් අනාවරණයක්

Report

නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පාර්ලිමේන්තුවේදී පවසා සිටියේ වර්තමානයේ ඉඩම්, නිවාස සහ නිවාස යෝජනා ක්‍රමවල මිල ගණන් අසාධාරණ ලෙස ඉහළ යෑම පිටුපස දැවැන්ත 'මාෆියාවක්' ක්‍රියාත්මක වන බවයි. ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙම ක්ෂේත්‍රයේ මිල ගණන් නියම කිරීම සහ පාලනය කිරීම සඳහා විධිමත් නියාමන ආයතනයක් මෙතෙක් ස්ථාපිත කර නොතිබීම මෙම අර්බුදයට ප්‍රධාන හේතුව වී ඇති බවයි.

ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද 'ශ්‍රී ලංකා දේපළ වෙළඳාම් වෘත්තිකයන්ගේ ආයතනය' පිළිබඳ පනත් කෙටුම්පත මඟින් මෙම ගැටලුවට තිරසාර විසඳුමක් ලැබෙනු ඇතැයි ද ඔහු විශ්වාසය පළ කළේය.

කාන්තාවන්ට සුභ පණිවිඩයක් - මේ පරික්ෂාව කරගන්න තවත් ලේසි ක්‍රමයක්

කාන්තාවන්ට සුභ පණිවිඩයක් - මේ පරික්ෂාව කරගන්න තවත් ලේසි ක්‍රමයක්

"ඉඩම් සහ නිවාස මිල නියාමනය කිරීමට නිසි ක්‍රමවේදයක් නොමැති වීම නිසා ජනතාව දැඩි අසීරුතාවට පත්ව සිටිනවා. අලුතින් ස්ථාපිත කරන මෙම ආයතනය මඟින් ඉඩම් භාවිතය සහ ඉන් උපරිම ආර්ථික ප්‍රතිලාභ ලබාගන්නා ආකාරය පිළිබඳව මහජනතාවට මෙන්ම ආයෝජකයින්ට ද නිසි මඟපෙන්වීමක් ලබාදීමට කටයුතු කරනවා." මෙම නව ආයතනය පිහිටුවීම හරහා දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය වඩාත් විනිවිදභාවයකින් යුත් වෘත්තීයමය සේවාවක් බවට පත්කිරීම රජයේ අරමුණ බවද ඔහු සඳහන් කළේය.

මත්පැන් මිල පහළට? වෙන්න යන වෙනස මෙන්න

මත්පැන් මිල පහළට? වෙන්න යන වෙනස මෙන්න