කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය, චමිත්‍රි රඹුක්වැල්ලට ඇප
අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය වන චමිත්‍රි රඹුක්වැල්ලට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී ඇත.
ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ නිල මැදිරියට අද (06) දින පස්වරුවේ ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සැකකාරිය රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින මෙන් නියෝග කළ බව සඳහන්.
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් අයථා ආකාරයට උපයන ලද මුදල් විශුද්ධීකරණය කිරීමට සහය සහ ආධාර අනුබල ලබාදීමේ චෝදනාවට අදාළව ඔහුගේ වැඩිමහල් දියණිය මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණා.