බස් රථයක් වෙරළකට පෙරළී යයි.. 12කට තුවාල.

Accident
By Thaya Mar 06, 2021 06:16 PM GMT
Report

බණ්ඩාරවෙල, හල්පෙ ප්‍රදේශයේදී සිදුවූ බස් අනතුරකින් පුද්ගලයින් 12 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ. අද (06) පෙරවරු 9.00ට පමණ අනතුර සිදුවී තිබේ. බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන වෙල් යායකට පෙරළීයෑමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. අනතුරින් තුවාල ලැබූවන් දෙමෝදර රෝහල සහ බදුල්ල මහ රෝහල වෙත ඇතුළත් කරඇත. ඇල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.