බස් ගැමුණුට සහ මෝටිවේෂන් අප්පච්චිට මරණ තර්ජන.
By Wayomi
අරගලයේ නීතීඥවරයෙකු වන මනෝජ් නානායක්කාර විසින් තමන්ට මරණ තර්ජන එල්ල කළ බව පවසමි අද (03) පෙරවරුවේ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ගොනු කරනු ලැබුවා.
ඔහු පවසන්නේ පසුගියදා ඇප මත නිදහස් වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සිරගත කිරීමට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.
එමෙන්ම ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සංජු සමරසිංහ හෙවත් මෝටිවේෂන් අප්පච්චි පවසන්නේ, වසන්ත මුදලිගේ සිරගත කිරීමට තමාගේද සම්බන්ධයක් නොමැති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |