බස් ගාස්තු සම්බන්ධයෙන් තීරණය..

Sri Lanka Transport Fares In Sri Lanka
By krishani Jun 27, 2022 02:26 AM GMT
krishani

krishani

Report

එළඹෙන ජුලි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බස් ගාස්තු ගැන හෙට (28) දිනයේ දි අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබේ.

ඒ ඉන්ධන මිල ඉහළ නැංවීමත් සමඟ බස් ගාස්තුව ද ඉහළ නැංවිය යුතු බවට බස් සංගම් ඊයේ (26) දිනයේ දී ප්‍රකාශ කිරිමත් සමග ය.

ඒ අනුව හෙට (28) දිනයේ දි ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අචාර්යය නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha