රටේ සියල්ලට බලපාන තීරණයක් අද හවසට ගන්න යයි.
සංශෝධිත නව බස් ගාස්තු අද දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත යි.
ඒ, ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීම සහ අමතර කොටස් මිල ඉහළ යෑම ඇතුළු කරුණු කිහිපයක් සැලකිල්ලට ගනිමින්.
අවසන් තීරණයට පෙර බස් සංගම්, ජාතික ගමනාගමන කොමිෂන් සභාව හා මඟී ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගමගේ ප්‍රධානත්වයෙන් තවත් සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වෙනවා.
පසුගිය දා බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සංගම් සහ රාජ්‍ය අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පැවැත්වුණා.
එහි දී ගාස්තු සංශෝධනය විය යුතු ප්‍රතිශතයන් ගණනය කරන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා විසින් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවට දැනුම් දුන් අතර බස් සංගම්වල යෝජනා ද කැදවනු ලැබුවා.
ඒ සියල්ල සැලකිල්ලට ගනිමින් නව ගාස්තු සංශෝධනය අද ප්‍රකාශයට පත් කෙරෙන බවයි ප්‍රවාහන අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කළේ.
නව සංශෝධනයන්ට අනුව දැනට රුපියල් 14ක් ව පවතින අවම බස් ගාස්තුව රුපියල් දෙකකින් පමණ ඉහළ දැමීමටත් අනෙකුත් ගාස්තු10% කට ආසන්න ප්‍රතිශතයකින් ඉහළ දැමීමටත් යෝජනා වී ඇති බවයි වාර්තා වන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |