බස් ගාස්තුවත් ඉහළ යන ලකුණු...මෙන්න වෙන්න යන දේ.
.අවම බස් ගාස්තුව රුපියල් 2කින් ඉහළ නැංවීමට ප්‍රවාහන අමාත්‍යංශය සහ බස් සංගම් එකඟතාවකට පැමිණ ඇති බව වාර්තාවනවා.
ඒ අනුව, රුපියල් 14ක් ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 16 ක් දක්වා ඉහළ යනු ඇති.
කෙසේ වෙතත් බස් සංගම් පසුගිය සිකුරාදා ජාතික ගමනාගමන කොමිෂන් සභාවට ලබා දුන් යෝජනාවලියෙන් අවම ගාස්තුව රුපියල් 14 සිට රුපියල් 17 දක්වා රුපියල් 3කින් ඉහළ නැංවීමට යෝජනා කර තිබුණා.
මේ අතර, අනෙකුත් ගාස්තු සියයට 15 කට ආසන්න ප්‍රතිශතයකින් ඉහළ නංවන ලෙස බස් සංගම් සිකුරාදා දිනයේ භාරදුන් යෝජනාවලිය මගින් ඉල්ලා තිබුනා.
කෙසේ වෙතත්, සියයට 7.5ත් සියයට 10ත් අතර අගයකින් එම ප්‍රතිශතය ලබාදිය යුතු බවටයි, මේ වනවිට එකඟතාවයකට පැමිණ ඇත්තේ.
සංශෝධිත නව බස් ගාස්තුව අනිද්දා ප්‍රකාශයට පත් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය සැළසුම් කර තිබෙනවා.
මේ අතර, අද සිට සතොස හරහා පුද්ගලයෙකුට වරකදී සහල් කිලෝ 10ක් මිලදී ගැනීමට හැකියාව පවතින බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඊයේ(26)දින සදහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |