බස්රථ ධාවනය සීමා කිරීම ගැන දැනුම් දීමක්..පොලිසිය දැඩි විමසිල්ලෙන්.

Covid Bus Provincial Train
By Aruna Aug 11, 2021 08:15 AM GMT
Aruna

Aruna

Report

පළාත් සංචරණ සීමා යලි සක්‍රිය කිරීමත් සමඟ පොදු ප්‍රවාහන කටයුතු සීමා කර තිබෙනවා.

ඒ අනුව, පෞද්ගලික බස්රථ අන්තර් පළාත් ධාවනය අත්‍යාවශ්‍ය අවස්ථාවන්හිදී පමණක් සිදුකරන අතර පළාත් තුල ධාවනය ද සමස්ත ධාවනයෙන් සියයට 40 ක් දක්වා අඩු කර තිබෙනවා.

ලංගම බස් රථ ද අන්තර් පළාත් ධාවනය අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් සීමා කළ බවයි එහි සභාපති නීතිඥ කිංස්ලි රණවක සඳහන් කළේ.

පළාත් අතර දුම්රිය ධාවනය වුව ද එහි ගමන් කළ හැක්කේ රාජකාරි කටයුතු සඳහා යන පුද්ගලයින්ට පමණයි.

You may like this video


එහිදී ඔවුන් සිය අනන්‍යතාව තහවුරු කළ යුතු බවයි දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර ප්‍රකාශ කළේ.

මේ අතර කොවිඩ් 19 වෛරසය තවදුරටත් පැතිර යාමේ අවදානම මත (10) දින රාත්‍රියේ සිට අන්තර් පළාත් අතර සංචරණ සිමා පනවා තිබෙනවා.

මේ නිසා පළාත් මායිම් ආසන්නයේ පොලිසිය විසින් දැඩි ආරක්ෂාවක් යොදවා ඇත.

අන්තර් පළාත් අතර අත්‍යාවශ්‍ය රාජකාරි සඳහා යන පුද්ගලයින්ට සහ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගෙන යන වාහනවලට පමණක් පළාත් මායිම් අතර වාහන ධාවනයට පොලිසිය විසින් අවසර ලබා දී තිබෙනවා.

නිරෝධායන උපදෙස්වලට පටහැනි ව මඟීන් රැගෙන යන බස් රථ, මාර්ග බාධක රාජකාරි කරන පොලිස් නිලධාරින්ගේ දැඩි පරික්ෂාවකට ලක් කෙරෙනු ඇති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha