ආසනවලට වැඩියෙන් මගීන් ගෙන යන බස් රථවලට අද සිට වෙන දේ මෙන්න..
අද සිට ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කරන බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරු අත්අඩංගුවට ගෙන නිරෝධායන නීතිය යටතේ කටයුතු කරන්නැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා පොලිස්පතිට ලිඛිත දැනුම්දීමක් කර තිබෙනවා.
ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් රථවලද සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් මගීන් ප්‍රවාහනය කරන බවට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයාට පැමිණිලි විශාල සංඛ්‍යාවක් ලැබී ඇති අතර, එය සැළකිල්ලට ගනිමිනුයි මෙම පියවර ගෙන ඇත්තේ.
මේ ඒ පිළිබඳව වැඩිදුරටත් පැහැදිළි කරමින් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම කියා සිටියේ ආසන සංඛ්‍යාවට මගීන් ප්‍රවාහනය සදහා බස් රථ ගාස්තුව සියයට 20කින් වැඩි කර දීමට ද පසුගිය කොරෝනා වසංගත තත්ත්වය ආරම්භයේදීම කටයුතු කළ බවයි.
ඒ හේතුවෙන් රථ වාහන රියදුරන්ට හා බස් රථ හිමිකරුවන්ට ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ප්‍රවාහනයට කිසිදු හැකියාවක් නොමැති බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
ඔහු කියා සිටියේ නිරෝධායන නීති නොතකා ධාවනය කරන බස් රථවල ධාවන බලපත්‍ර අවලංගු කිරීමට ද පොලීසියට උපදෙස් ලබාදී ඇති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
