මාර්ගයේ ගමන් ගත් බසයකට බෝම්බ ප්‍රහාරක්...07ක් මරුට..09කට තුවාලයි..(විදෙස්)
Accident
Afghanistan
World news
Bus bomb attack
By Aruna
ඇෆ්ගනිස්තානයේ හේරාට් හි ඊයේ සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් හත්දෙනෛකු මියගොස් තවත් නවදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ටොලෝ නිවුස් සේවය වාර්තා කළේ මියගිය අය අතර කාන්තාවන් සිව්දෙනෙකු ද වන බවයි. මාර්ගයේ ගමන් ගනිමින් තිබූ මිනි බස් රථයක් ඉලක්ක කරගෙන මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වී තිබෙනවා.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු සංවිධානයක් විසින් භාරගෙන නැහැ.
තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ පාලනය අත්පත් කර ගැනීමෙන් අනතුරැව සිදුවන මෙවන් ප්‍රහාර මේ වනවිට විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය සතියේ නන්ගහාර් ප්‍රදේශයේ ගෑස් ටැංකියක් පුපුරා යාමෙන් ළමුන් නවදෙනෙකු මියගියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |