බස් රථ ධාවනයත් නවතී..දුම්රිය ධාවනයටත් ප්‍රශ්නයක් වෙයි..
සියලුම අධිවේගී මාර්ග බස්රථ ලබන ඉරිදා(20) සිට ධාවනයෙන් ඉවත් වන බව ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති සම්පත් රණසිංහ මහතා ප්‍රකාශ කළා.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් අධිවේගී මාර්ග බස් රථ වලින් අසාධාරණ ලෙස ටෙන්ඩර් ගාස්තු අය කරන බවත් එයට එරෙහිව මෙම විරෝධතාවය ක්‍රියාත්මක කරන බවත් රණසිංහ මහතා සඳහන් කළේය.
අධිවේගී මාර්ග වල ධාවනය කරන සියලුම බස් රථ සංගම් සමඟ මෙම විරෝධතාවය ක්‍රියාත්මක කරන බවත් ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මධ්‍යස්ථානය ඒකාබද්ධ මාධ්‍ය හමුවක් කැඳවමින් ඊයේ(14) කොළඹ දී කියා සිටියා.
අධිවේගී මාර්ග බස් රථ වලින් අසාධාරණ ලෙස මාසිකව රුපියල් ලක්ෂ දෙකකට අධික ටෙන්ඩර ගාස්තු අය කරන බවත් මේ හේතුවෙන් තවදුරටත් බස් රථ ධාවනය කළ නොහැකි බවත් ඔහු සඳහන් කළේය.
එම ටෙන්ඩර් ගාස්තු අය නොකර අධිවේගී මාර්ග ගාස්තුවලින් මගියෙකුගෙන් රුපියල් දෙසියක පමණ මුදලක් අඩුකර එම සහනය ඔවුන්ට ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවත් රණසිංහ මහතා තවදුරටත් කීවේය.
මේ අතර ප්‍රධාන දුම්රිය ස්ථාන සහ උප දුම්රිය ස්ථාන රැසක ප්‍රවේශපත්වල දැඩි හිඟයක් පවතින බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පවසයි.
හලාවත සහ ලුණුවිල දුම්රිය ස්ථානවල රුපියල් 20 ක ප්‍රවේශපත් නොමැති වීම නිසා සම්පූර්ණ ගමන් ගන්නා මගීන් සඳහා රුපියල් 40 ප්‍රවේශපත් දෙකට කපා මගීන් දෙදෙනෙකු වෙත නිකුත් කිරීමට සිදුව ඇති බවත් මගී ගමන් ගන්නා දුම්රිය ස්ථානය වෙත අදාල ප්‍රවේශපත වෙනුවෙට නිසි අවසරයකින් තොරව වෙනත් දුම්රිය ස්ථානවල ප්‍රවේශපත් නිකුත් කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ට සිදුව ඇති බව ඔහු පැවසීය.
කොළඹ කොටුව, මරදාන, ගම්පහ, මොරටුව, පානදුර, වේයන්ගොඩ සහ ගම්පහ යන විශාල වශයෙන් ප්‍රවේශපත් අලෙවි වන දුම්රිය ස්ථානාධිපතිවරුන් මෙම ප්‍රවේශපත් නොමැතිවීමෙන් අපහාසුතාවයට ලක්ව සිටිති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |