බස් රථයක් පාලනයෙන් ගිලිහී ගිය හැටී.. (CCTV VIDEO)

By Sithumi Dec 18, 2021 11:30 AM GMT
Sithumi

Sithumi

Report

අධික වේගයෙන් ධාවනය වූ බස් රථයක් රියදුරුගේ පාලනයෙන් ගිලිහී කළුතර කෝන්ගස් හන්දිය ප්‍රදේශයේදී අනතුරක් සිදුවී තිබේ. කොළඹ දෙසට ධාවනය වූ බස් රථය වෑන් රථ දෙකක සහ යතුරුපැදියක ගැටී තිබුණි. 

එහිදී එක් වෑන් රථයක් වෙළෙඳසැළක් තුළට විසිවී ගොස් තිබුණි. අනතුර සිදුවී තිබුණේ අද (18) සවස් කාලයේදීය. අනතුරින් බස් රථයේ සිටි පුද්ගලයෙකු තුවාල ලබා කළුතර දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇත

. බස් රථයේ රියදුරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුර සිදුවෙන අයුරු අසල වෙළෙඳසැලක තිබූ CCTV කැමරාවක සටහන් වී තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now