බස් දෙකක් තරඟෙට රේස් ගිහින් එකිනෙක ගැටෙයි - තුවාල ලැබූවන් වහාම රෝහල්ගත කෙරෙයි.. කෝප වූ පිරිස් රියදුරුට පහර දෙයි..
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
Accident
By krishani
පෞද්ගලික බස් රථ දෙකක් හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 6 දෙනෙක් තුවාල ලබා ඇත.
ඒ මගීන් නංවා ගැනීමට තරගයට බස් ධාවනය කිරිම හේතුවෙන් ය.
එම අනතුරෙන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළුව හය දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.
මෙම අනතුර සිදු කළ රියදුරුට ප්‍රදේශවාසීන් හා මගීන් එකතු වී පහර දී ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, එයට පොලිසිය මැදිහත් වීමෙන් රියදුරු බේරා ගෙන තිබෙනවා.
පසුව ඔහුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
