තුවාලකරුවන් ගුවනින් කොළඹට

Sri Lanka Army Accident Sinhala news
By Hashan May 11, 2025 10:05 AM GMT
Hashan

Hashan

Report

ගැරඬිඇල්ල ප්‍රදේශයේ අද ( 11 ) අලුයම සිදු වූ බස් රථ අනතුර සහ වැලිමඩ ප්‍රදේශයේ ඊයේ (10) දිනයේ සිදු වූ බස්රථ අනතුරින් බරපතල තුවාල ලැබූ තුවාල කරුවන් වැඩි දුර ප්‍රතිකාර සදහා කොළඹට ගෙන ඒමට හිලිකොප්ටර් යාන දෙකක් සුදානම් කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසා සිටියා.

අමාත්‍යංශ ලේකම්වරයාගේ උපදෙස් මත ගුවන් හමුදාව විසින් මෙම හෙලිකොප්ටර් යාන දෙක සුදානම් කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසා සිටියා.   

උඩු ගුවනේදී සිදු වූ මංකොල්ලය

උඩු ගුවනේදී සිදු වූ මංකොල්ලය

අදාළ ගුවන් යාන දෙක මේ වන විට රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සූදානම් කර ඇති බවයි වාර්තා වන්නේ. 

මේ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 412 හෙලිකොප්ටර් යානා දෙකක් හදිසි ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා ස්ථානගත කර ඇති බවත් එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර සිටියා .

ReeCha