මගීන් සිටි බස් රථයකට විශාල ගසක් කඩා වැටීමෙන් 05ක් මියයයි.(UPDATE/PHOTOS)

Report

Update 

කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසලදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් පස් දෙනෙකු මිය ගිය බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා මීට සුළු මොහොතකට පෙර තහවුරු කළා.

......................

මගීන් සිටි බස් රථයකට විශාල ගසක් කඩා වැටෙයි..මගීන් වහාම රෝහල් ගත කරයි..

අද (06) උදෑසන 6.00ට පමණ කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසලදී මගී බස් රථයකට ගසක් කඩාවැටී තිබෙන අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.

මෙම සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් කඩිනමින් රෝහල්ගත කරමින් ඇති බවයි ගපොලීසිය සඳහන් කළේ.

ලිබර්ටි වටරවුමේ සිට මීටර් 100ක් පමණ බම්බලපිටිය දෙසට ගමන් කිරීමේදී මෙම අනතුර සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ බස් රථය කොළඹ - දෙනියාය බස් රථයක් බවයි පැවසෙන්නේ.

පොලීසිය පැවසුවේ, අනතුර හේතුවෙන් මේ වනවිට එම මාර්ගය අවහිර වී ඇති බවයි.

මෙම අනතුරට අදාල ඡායාරූපයන් පහතින්,

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery