බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි..15ක් තුවාල ලබා රෝහල් ගත කෙරේ..

Police spokesman Sri Lanka Police Colombo Sri Lanka Accident
By Aruna Sep 25, 2023 02:22 AM GMT
Aruna

Aruna

Report

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය තිත්තවැල්මංකඩ ප්‍රදේශයේ දී නවතා තිබූ බස් රථයක තවත් බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුර,අද (25) අලුයම 3.45ට පමණ සිදුව ඇති අතර, අනතුරින් තුවාල ලැබු පුද්ගලයින් 15 දෙනෙක් මේ වනවිට වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති බවයි පැවසෙන්නේ.

මාර්ගයේ නවතා තිබු බස් රථයක වැලිමඩ සිට කොළඹ බලා ධාවනය වූ බස් රථය මුහුණට මුහුණ ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් වැලිමඩ - කොළඹ බස් රථයේ සිටි පුද්ගලයින් තුවාල ලබා රෝහල්ගත කර ඇත.

බස්- ත්‍රීරෝද රථ ගැටුමක්..දෙදෙනෙක් මියයයි..03ක් රෝහලේ..(PHOTOS)

බස්- ත්‍රීරෝද රථ ගැටුමක්..දෙදෙනෙක් මියයයි..03ක් රෝහලේ..(PHOTOS)


ReeCha