හිමිවරුන්ගේ උපකාරයෙන් පැනගිය බූරු මුණා ගැන දැඩි තීරණයක්..!

Sri Lanka Police Sri Lanka Crime
By Sewvandhi Mar 15, 2023 05:48 PM GMT
Sewvandhi

Sewvandhi

Report

 රවිඳු සංඛ ද සිල්වා නොහොත් බූරු මූණාට අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.

අවිස්සාවේල්ල මහාධිකරණය විසින් බස්නාහිර පළාත් දකුණ දිසාව විසින් සිදුකළ කරුණු දැක්වීමෙන් අනතුරුව මෙම තහනම පනවා ඇත.

පසුගිය වසරේ දෙසැම්බර් මස 18 වනදා හංවැල්ල ප්‍රදේශයේ ආපන ශාලාවක හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබේ.

පසුගිය 24 වනදා සැකකරු විදේශගතවීමට උත්සාහ ගැනීමේදී කටුනායක ගුවන්තොටුපොළ පොලිස් භාරයට පත්කර තිබියදී සැකකරු සූක්ෂම ලෙස හිමිවරුන් දෙදෙනෙකුගේ උපකාරය ඇතිව ඉන් පැනගොස් තිබිණි.

බූරු මූණා නැමැත්තා මනුෂ්‍ය ඝාතන රැසක වෙඩික්කරුවෙකු ලෙස කටයුතු කර ඇති බවට ද වාර්තා වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha