සියල්ලන්ම පුදුම කරමින් ලිඳ පතුලෙන් මතු වු දේ (PHOTOS)

bullets Mulathiw T56 Theerthakkarei
By Sewvandhi Oct 18, 2021 12:56 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මුලතිව් ප්‍රදේශයේ ස්ථාන දෙකක සඟවා තිබූ භාවිතයට සුදුසු ටී.56 පතුරම් 1930 ක් සොයාගත් බවත් පතුරම් ලඟ තබා සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවද මුලතිව් පොලීසිය පවසයි.

මුලතිව් තීර්තක්කරෙයි ප්‍රදේශයේ ළිඳක් පිරිසිදු කරමින් සිටි පිරිසකට එහි තිබී ටී.56 පතුරම් තොගයක් හමු වී ඒ පිළිබඳම මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට දැනුම් දීමෙන් අනතුරුව එහි නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණ සිදුකරන ලද පරික්ෂාවකදී එහි තීබී ටී.56 පතුරම් 1529 ක් සොයා ගනු ලැබීය.

සොයාගත් ටී.56 පතුරම් තොගය මුලතිව් පොලීසියට භාර දීමට පොලිස් විශේස කාර්ය බලකාය විසින් පියවර ගත් අතර එම පතුරම් භාවිතයට සුදුසු තත්වයේ තිබීම හේතුවෙන් කිසියම් පුද්ගලයෙකු ළිඳට දමන්නට ඇති බවට පරික්ෂණ සිදුකරන පොලීසිය සැක පල කර සිටියි.

මේ අතර මුලතිව් පුදුමාතලන් ප්‍රදේශයේදී මුලතිව් පොලීසියට ලද තොරතුරකට අනුව සිදුකරන ලද පරික්සණයකදී නිවසක් තුල සඟවා සිටි ටී.56 පතුරම් 401 ක් සහ ගංජා ග්‍රෑම් 02 ක් සමගින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40 ක පමණ පුද්ගලයෙකු වන අතර ඔහු මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද මුලතිව් පොලීසිය වැඩිදුරටත් පැවසීය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


GalleryGalleryGallery