මේ ආරංචිය නම් BTSලට ආදරය කරන අයටමයි - බලන්නකෝ එයාල රසිකයින්ගෙන් මොකක්ද ආදරෙන් ඉල්ලුවේ කියලා.. (PHOTOS)
South Korea
Latest Headlines
Decision Making
By krishani
මීට පෙර ලොවක් ආදරය කරන BTS සංගීත කණ්ඩායමේ සාමාජිකයින් වන J-Hope සහ Suga හමුදා පුහුණුවට බඳවා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
පසුව ඊයේ (11) දිනයේ කණ්ඩායමේ නායකයා වන RM සහ V එක් වී තිබෙනවා.
එමෙන්ම, සාමාජිකයින් දෙදෙනෙක් වන Jimin සහ Jungkook අද (12) හමුදා සේවය ආරම්භ කර ඇත.
සියලුම රසිකයන්ගෙන් ඔවුන් ඉල්ලා සිටින්නේ හමුදා පුහුණුව ලබන විට දී ඔවුන් බැලීමට හමුදා කඳවුරුවලට නොපැමිණෙන ලෙසයි.
ඒ අනෙත් සොල්දාදුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට කරදරයක් විය හැකි බව සඳහන් කරමින් ය.
කෙසේ වෙතත්, දකුණු කොරියාව තවමත් උතුරු කොරියාව සමඟ යුද්ධයක යෙදී සිටියි.
අනිවාර්ය අවශ්‍යතා සපුරාලීමට ඔවුන් හමුදාවට බැදීම අපේක්ෂා කරන බව සඳහන් වේ.
