එකකුස උපන්නත් නොසන්සිඳුණු වෛරය - මුදලට යට වී එකම පවුලේ උපන් සොහොයුරන් මරා ගනී
crime
Grandpass
Kajimavaththa
Colombo National hospital
Fergiusan road
By Sewvandhi
ග්‍රෑන්පාස් පොලිස් වසමේ කජිමාවත්ත ප්‍රදේශයේ දී ඊයේ (20) දින තියුණු ආයුධයකින් පහර දී සිදු කළ මනුෂ්‍ය ඝාතනයක් පිළිබඳ වාර්තා වෙනවා. එක ම පවුලේ සහෝදරයින් දෙදෙනෙක් අතර ඇති වූ මුදල් ආරවුලක් දුරදිග යාමෙනු යි මෙම ඝාතනය සිදු වී ඇත්තේ.
පිහි ඇනුම් ලද තුවාලකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දි මිය ගොස් තිබෙනවා. මරණකරු වයස අවුරුදු 26ක් වූ ෆර්ගියුසන් පාර කොළඹ 14 පදිංචිකරුවෙක්.
මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, මෘත ශරීරය සම්බන්ධ මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි. සැකකරු මේ වෙනවිට පොලිස් අත්අඩංගුවේ පසු වෙනවා.
සැකකරු වයස අවුරුදු 28ක පුද්ගලයෙක් වෙන අතර, ඔහු ව අද (21) දින මාළිඟාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. වැඩිදුර පරීක්ෂණ ග්‍රෑන්පාස් පොලිසිය විසින් සිදු කෙරෙනු ඇති.
ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න. |