අමානුෂික ඝාතනයක් සිදු කර පලා යමින් සිටි අක්කා මලෝ ඇල්ලූ හැටි.

Sri Lanka Police Sri Lanka
By Wayomi May 09, 2023 12:12 PM GMT
Wayomi

Wayomi

Report

පාදුක්ක වටරැක ගම්මාන පාර ප්‍රදේශයේ අමානුෂික මනුෂ්‍ය ඝාතනයක් සිදු කර පලා යමින් සිටි එකම පවුලේ සහෝදරයා සහ සහෝදරියක් අද (09) දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිවයි.

එලෙස ඝාතනය කර ඇත්තේ, වටරැක ගම්මාන පාර ප්‍රදේශයේ නිවසක කුලී පදනම මත පෙ⁣දරේරුවෙකු සමග ජීවත් වූ කාන්තාවක්.

ඔවුන් එම කාන්තාවගේ ගෙල කපා ඝතනය කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකාරිය අදාළ පෙදරේරුවාගේ දික්කාසද බිරිඳ බවත් අනෙක් සැකකරු එම කාන්තාවගේ බාල සහෝදරයා බවත් මීගොඩ පොලීසිය සඳහන් කළා.

පෙදරේරුවා අද (09) උදෑසන නිවසින් පිටව ගිය පසු ඝාතනය සිදුකළ සැකකාරිය සහ සැකකරු එම නිවසට පැමිණ ඝාතනයට ලක්වූ කාන්තාවට කතාකර නිවසින් පිටතට ගෙන්වා ගෙන තියුණු ආයුධයකින් පහරදී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙලෙස ඝාතනය කර ඇත්තේ වලස්මුල්ල, කටුවන අළුපොත්දෙනිය ප්‍රදේශයේ පදිංචිව සිටි වැන්දඹුවක් වන 52 හැවිරිදි කාන්තාවක්..  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW