ප්‍රසිද්ධ ධනපතින් හා ව්‍යාපාරිකයන් ගිය ගණිකා මධ්‍යස්ථානයේ සියලු වතගොත හෙළිවෙයි...25000ටත් අලෙවි වෙයි.

Police Sri Lanka Indunisian girl Brothel raided
By Aruna Dec 24, 2021 03:37 AM GMT
Aruna

Aruna

Report

රුපියල් දහසට ලංකාවේදි අලෙවි වූ සුරූපී විදේශීය කතුන් සම්බාහන මධ්‍යස්ථානවල රැකියා දෙන බව පවසමින් ඉන්දුනීසියානු සුරූපී කතුන් පස්දෙනකු මෙරටට ගෙන්වා ගණිකා වෘත්තියේ යෙදවූ බව කියන පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (23 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාඇළ, උදම්පිටිය පදිංචි 41 හැවිරිදි පුද්ගලයකු වන අතර, ඔහු ඊයේ ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

සැකකරු මෙම ජාවාරම දීර්ඝ කාලයක සිට කර ඇතැයි ද අනාවරණය වී තිබේ.

සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගල්කිස්ස ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වලාන දූෂන මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් පසුගිය නොවැම්බර් මසයේදී වටලා, එහි සිටි ඉන්දුනීසියානු කාන්තාවන් පස්දෙනකු එහිදී අත්අඩංගුවට ගෙන තිබිණි.

අනතුරුව ආරක්ෂක අමාත්‍යාංශයේ ස්ථාපිත මිනිස් වෙළෙඳාමට එරෙහි කාර්යසාධක බළකාය මගින් එහි වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් වෙළෙඳාම් ජාවාරම් හා සමුද්‍රීය අපරාධ කොට්ඨාසය වෙත භාර දෙන ලදි.

ඒ අනුව, ඉන්දුනීසියානු භාෂාව දත් පරිවර්තකයකුගේ සහායෙන් මෙම කාන්තාවන්ගෙන් යළි ප්‍රකාශ සටහන් කර ගෙන තිබිණි.

සිය විදෙස් ගමන් බලපත්‍ර තම නියෝජිතයා විසින් බලහත්කාරයෙන් සන්තකයේ තබාගෙන සිටින බවත් සම්බාහනය සඳහා පැමිණෙන පුද්ගලයන්ගෙන් රුපියල් හයදහසක මුදලක් ගෙන තමන්ට රුපියල් දහසක් පමණක් ලබාදෙන බවත් එම කාන්තාවන් පවසා තිබේ.

තවද, විවිධ පුද්ගලයන්ගේ ලිංගික අවශ්‍යතා වෙනුවෙන් තමන් අලෙවි කරන බවද ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පාපොච්චාරණය කර තිබේ.

පසුව මෙම ජාවාරම සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම කාන්තාවන් කොළඹ ප්‍රසිද්ධ ධනපතින් හා ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසකට අලෙවි කර තිබෙන බවට ද අනාවරණය වී ඇත.

තවද, ඔවුන් රුපියල් විසි පන්දහස, පහළොස් දහස සහ දස දහස වැනි ඉහළ මිල ගණන් යටතේ අලෙවි කර තිබෙන බවද අනාවරණය වී තිබේ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now