ලංකාවේ මුස්ලිම් ජනතාවට සුබ ආරංචියක්
මුස්ලිම් සිවිල් සංවිධාන නායකයින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සමග සාකච්ඡාවක් කර ඇති බව වාර්තා වේ.
ඒ රජයේ රෝහල්වල සේවය කරන මුස්ලිම් හෙදියන් තම සංස්කෘතිය ආරක්ෂා වන ආකාරයට නිල ඇඳුම් ඇඳීමේ දී මතුව තිබෙන ගැටලු සහ මරණ පිළිබඳව කොවිඩ් වසංගත කාලයේ හඳුන්වා දුන් මගපෙන්වීම් නිසා මුස්ලිම් බැතිමතුන්ගේ මෘත ශරීර සඳහා අවසන් කටයුතු සිදු කිරීමේ දී ඇති වන ප්‍රමාදය ඇතුළු ගැටලු කිහිපයක් සම්බන්ධයෙන්.
මෙහිදී ඇමතිවරයා විසින් හෙදියන් රාජකාරී කිරීමේ දී පවතින නීති රාමුව තුළ තම සංස්කෘතිය ආරක්ෂා වන ලෙස ඇඳුම් ඇදීමට කිසිඳු නෛතික බාධාවක් නැති බව දක්වා ඇත.
එසේම මරණ සම්බන්ධයෙන් කොවිඩ් සමයට පෙර තිබූ අයුරින් ම අවසන් කටයුතු කිරීමට අදාළ චක්‍රලේඛ මේ වන විටත් නිකුත් කර ඇති බව ද විජිත හේරත් මහතා සඳහන් කළා.
ඒ අනුව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ අඳාළ හමුව පැවතුන අතර ඊට නියෝජ්‍ය කතානයක රිස්වි සාලි, අමාත්‍ය සුනිල් සෙනෙවි, නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර්, නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉලියාස් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ෆස්මින් ෂෙරීෆ් යන මහතුන් ද සහභාගී වූ බව වාර්තා වේ.
එසේම මුස්ලිම් සිවිල් සංවිධාන නායකයින් නියෝජනය කරමින් මවුලවිවරුන්, සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය ඇතුළු සංවිධාන 15ක නියෝජිතයින් 30 දෙනෙක්ද එක්ව සිට බව සඳහන්.