ජනක රත්නායක ඉවත් කරන්න ඇමති කාංචන වාර්තාවක් ගෙනෙයි..

Sri Lanka Politician Sri Lanka Public Utilities Commission of Sri Lanka Kanchana Wijesekera
By krishani May 09, 2023 11:08 AM GMT
krishani

krishani

Report

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් ජනක රත්නායක ඉවත් කිරීම සම්බන්ධයෙන් වාර්තාවක් විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර විසින් අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

අමාත්‍යවරයා විසින් මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසන් සභා පනතට අනුව යි.

මේ අතර, 2024 ජනාධිපතිවරණය සදහා තමන් ඉදිරිපත් වන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා ගුවන් විදුලි නාලිකාවකට පළමුවරට පවසා තිබෙනවා.

ඔහු කියා සිටියේ වසර 75ක් මෙරට පැවති අර්බුදකාරි ආර්ථික තත්ත්වය මැඩලීම සදහා සුසමාදර්ෂය මත පදනම් වූ ක්‍රමවේදයක් මත ආර්ථිකය උඩු යටිකුරු කරන ප්‍රතිපත්ති මාලාවක් තමන් විසින් ඉදිරිපත් කරන බවයි.

ඒ අනුව තමන් නිර්පාක්ශික අපේක්ෂකයෙකු ලෙස ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join