නිවාඩු නොගෙන දිනකට පැය 22ක් කොවිඩ් රෝගීන් රැකබලා ගන්නා අපූරු රෝහල් සුළු සේවකයා
මාස දෙකක පමණ කාලයක සිට කිසිදු නිවාඩුවක් නොලබා නේවාසික කොවිඩ් රෝගීන්ට ඇප උපස්ථාන කරන සෞඛ්‍යය සුළු සේවකයෙකු පිළිබඳ අපූරු පුවතක් දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලේ වාර්තා වෙයි.
මෙම සේවකයා ගැන අනාවරණය වූයේ මහ මහනුවර යාපනය ඒ 9 ප්‍රධාන මාර්ගයේදී මෝටර් රථයකින් පැමිණි යුවලක් සහ දියණියක් මෙම සුළු සේවකයා දැක මෝටර් රථය නවතා ඔහුගේ දෙපා අල්ලා වැඳ වැටීම දැකීම්ත් සමඟය. රෝහල් සුළු සේවකයෙකුට මෙම යුවල සහ දියණිය දෙපා අල්ලා වැඳ වැටුණේ කුමක් නිසා දැයි සොයා බැලීමේදී මෙම අපූරු රෝහල් කණිෂ්ඨ සේවකයාගේ මිල කළ නොහැකි අපූරු සේවාව රෝහල් කාර්ය මණ්ඩලයෙන් අපට තොරතුරු අනාවරණය විය.
මෙම රෝහල් සේවකයා නමින් යු .ඩි .ඒ .ප්‍රේමකුමාර වෙයි . වසර ගණනාවක් තිස්සේ රෝහල් සුළු සේවකයෙකු ලෙස සේවය කළ ප්‍රේමකුමාර කොවිඩ් වසංගතය පැමිණි දවසේ සිට අනුයුක්ත කර ඇත්තේ දඹුල්ල රෝහලේ කොවිඩ් වසංගත ප්‍රතිකාර අංශය වෙතයි.
එදා සිට අද දක්වා අලුතෙන් වාට්ටුවක් දඹුල්ලේ නිර්මාණය කිරීමේ වීශාල පුණ්‍යකර්මයට පවා දායක වූ ප්‍රේමකුමාර අද වන විටත් වාට්ටු තුනක රෝගීන්ට ඇප උපස්ථාන කරමින් තම සේවාව ඉටු කරමින් සිටී. මෙම සුළු සේවකයාගේ විශේෂත්වය වන්නේ මාස දෙකක පමණ කාලයක සිට මෙතෙක් එකම නිවාඩුවක් වත් ලබාගෙන නොමැති වීමය
. එමෙන්ම දිිනකට පැය දෙකක පමණ කාලයක් නිදා ගන්නා ප්‍රේමකුමාර ඉතිරි පැය විසි දෙකම කොවිඩ් වයිරසය ශරීරගත වූ රෝගීන්ගේ ඇපඋපස්ථාන සියල්ල සිදු කරමින් සිටී. කුඩා දරුවන්ට කාන්තාවන්ට මෙන්ම සෑම රෝගියෙකුටම එක හා සමානව ප්‍රේමකුමාර්ගේ ලැබෙන උදව් උපකාරය රෝහලේ වෛරසය වැළඳුණු රෝගීන් ට අති මහත්ය . එමනිසාම රෝහලෙන් පිටව යන සියලු දෙනාම ප්‍රේමකුමාර ට දක්වන්නේ පුදුමාකාර ඇල්මකි .
ප්‍රේමකුමාර සුළු සෞඛ්‍ය සේවකයා උදව් උපකාර කොට ජීවිතය බේරාගත් බොහෝ දෙනෙකු රෝහලෙන් පිටව යන්නේ ද්‍යවරුන්ට හෙද හෙදියන්ට ස්තුති කරමින් සුළු සේවක ප්‍රේමකුමාර ගේ දෙපා අල්ලා වැඳ වීම් විශේෂත්වයකි. එම සෞඛ්‍යය සේවකයාට පැය විසි 24 පුරා සේවය කළ ද අමතර කිසිදු දීමනාවක් රජයෙන් නොලැබෙන බව ඔහු කියයි .
සිමා පනවා ඇති අමතර පැය වලට පමණක් ගෙවීම් කළ ද ප්‍රේමකුමාර පැය 24 පුරාම දිවා රෑ නොබලා රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන බව රෝහලේ හෙද හෙදියන් දැඩි ආඩම්බරයෙන් යුතුව අප සමඟ පැවසූහ. හෙදියන් කියා සිටියේ වසර ගණනාවක් සෞඛ්‍ය සේවයේ නිරතව සිටියද මෙවැනි සුළු සේවකයෙක් ජීවිතයකට දැක නැති බවය .
රෝගීන්ට ආදරය ඇල්ම කරුණාව දක්වන බවත් වෛද්‍යවරුන්ට හෙද හෙදියන්ට ද එක හා සමානව සහයෝගයෙන් ප්‍රේමකුමාර ගෙන් සිදුවන සේවාව ඔවුන් ඇගයීම්ට ලක් කරමින් කියති. නාවුල ප්‍රදේශයේ ගුරුවරියක සහ දියණියට covid-19 වෛරසය ශරීරගත වීමෙන් පසුව දඹුල්ල මූලික රෝහලේ කෝවිඩ් වාට්ටුවට ඇතුළත් කර සිටියදී එම දියණිය ආදරයෙන් රැකබලා ගෙන බලා ගෙන ඇති ප්‍රේමකුමාර වීමද විශේෂත්වයකි.
එමෙන්ම මෙම ගුරුවරියට සහෝදරයෙකු මෙන් අවැසි සියලු පහසුකම් සැපයීම නිසාම ඔවුන්ප්‍රේමකුමාරට මාමා යන නාමයෙන් ආමන්ත්‍රණය කරන අතර ඔවුන් මහපාරේ ප්‍රේම කුමාර දුටුවද දෙපා නමදි .
මෙහෙම අපූරු රෝහල් සේවකයා දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහල තුළ කොවිඩ් වෛරසය ශරීරගත වූ මළ සිරුරු දහනමයක් පාර්සල් කොට තිබෙන බවක් දහස් ගණනාවක් රෝගීන් සුවපත් කිරීම සඳහා දායකත්වය ලබා දුන් බව පැවසීය දැනටද රෝහල්ගතව සිටින වෛරසය ශරීර ගතවූ බොහෝ දොහෝ දෙනා ප්‍රේමකුමාර දුටු සැණිනනින් අත වනා ආචාර කරන අයුරු ද අපට දැක ගැනීමට හැකි විය. මෙම මාසය වන විටත් ප්‍රේමකුමාර අමතර පැය පන්සියයක් ආසන්නව සේවය කොට හමාර ය. එහෙත් ඒ සඳහා කිසිදු ගෙවීමක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සිදු නොවීම කණගාටුදායකතත්වයකි.
රෝගීන් වෙනුවෙන් දෑස් වල කඳුළු පුරෝගෙන අප සමග තමන් ඉටුකරන සේවාව පිළිබඳව හෙළිදරව් කළ ඔහු කියා සිටියේ තමන් දරුවන් තිදෙනකුගේ පියෙක් බවය , ආදරණීය බිරිඳත් දරුවනුත් මාස දෙකක කාලයක් නොදැක රෝහලේ වෛරසය ශරීරගත වූවන්ට ඇප උපස්ථාන කිරීම ජීවිතයේ ලද මහා භාග්‍යයක් බව හෙතෙම හඬා වැටෙමින් අප සමඟ පැවසීය.
සුව විරුවන් ලෙස බොහෝ දෙනෙකු සෞඛ්‍යය සේවයේ හෙද හෙදියන් වෛද්‍ය කාර්ය මණ්ඩලයට ඇගයීම් ලක්වුවද වෛරසය ආසාදිත වූ පුද්ගලයන් අසලට ගොස් ඔවුන්ගේ රෙදි පෙරදි සෝදා පවිත්‍ර කර දීම ඔවුන්ට අවැසි ඖෂධ ටික ලබාදීම ආහාර ටික කලට වේලාවට ලබාදීම මෙන්ම එම රෝගීන්ගේ හිත සුවපත් කිරීමේ උදාර පිංකම ප්‍රේමකුමාර අතින් සිදුවෙන බව හෙතෙම සාඩම්බරයෙන් යුතුව පැවසීය.
මාතලේ ප්‍රදේශ්යේ පදිංචි මෙම සෞඛ්‍යය සුළු සේවකයා සිදු කරන සේවාව සෞඛ්‍යය අමාත්‍යංශයේ ඇගයීමට ලක් විය යුතු බව ප්‍රකාශ කළ යුතුව තිබේ
එමෙන්ම තමන්ගේ මුදලින් සහ වෛද්‍යවරුන් හෙද හෙදියන් ලබා දෙන ආහාර වේලකින් මෙම සේවාව ප්‍රේමකුමාර ලබාදීම ද තවත්
විශේෂත්වයකි.