මේ ගැනත් කාන්තා ඔබ විශේෂයෙන්ම දැනුවත් ද?. දිවයිනම ආවරණය වන පරිදි සිදු කළ අලුත්ම වැඩක්.. (PHOTOS)
Sri Lanka
By krishani
පියයුරු පිළිකා වැළඳීමට පෙර හඳුනා ගැනීමේ අවස්ථාව පුළුල් කරමින් දිවයිනම ආවරණය වන පරිදි රජයේ රෝහල්වල පියයුරු සායන 30ක් අලුතින් ආරම්භ කර තිබෙනවා.
ඒ බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ ය.
ඒ අනුව පිළිකා රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් යටතේ අදාළ සායන පැවැත්වීමට පියවර ගෙන තිබෙනවා.
සුවනාරී සායන සහ පිළිකා කළින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානවලට අමතරව මෙම සායන පැවැත්වීම විශේෂත්වයක් වේ.
කෙසේ වෙතත්, පියයුරු පිළිකා වැළඳීම වළක්වා ගත නොහැකි වුවත් කලින් හඳුනා ගැනීමෙන් පියයුරු පිළිකා සම්පූර්ණයෙන්ම සුව කළ හැකි බව වෛද්‍යවරිය සඳහන් කළේ ය.
අදාළ නිවේදනය පහතින්,


