අයහපත් කාලගුණයෙන් විදුලි බිඳවැටීම් තවදුරටත්..
By R.rishma
අයහපත් කාලගුණික තත්ත්ව හේතුවෙන් ශී ලංකාව පුරා විදුලි බිඳවැටීම් 29,015ක් සිදුවී ඇති බව වාර්තා වෙනවා.
ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා, බිඳවැටුණු විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට උත්සාහයෙන් කටයුතු කරන බවයි.
අධික වර්ෂාව, තද සුළං සහ අකුණු සැර හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 245කට අයත් 1,321 දෙනෙකු පීඩාවට පත්ව තිබෙනවා. වැඩිම හානිය කොළඹ සහ හෝමාගම ප්‍රදේශවලින් වාර්තා වන බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය දක්වනවා.
කොළඹ දිස්ත්‍රික්කයේ පූර්ණ නිවාස හානි 03ක් සහ අර්ධ නිවාස හානි 239ක් වාර්තා වී ඇති බවත් සඳහන්.