පෙම්වතියගේ ගෙදර ගොස් කළ වැඩේ නිසා පෙම්වතා පොලිස් අඩංගුවට..

arrest Bike Bandaragama policr
By Sithumi Jan 27, 2022 05:39 PM GMT
Sithumi

Sithumi

Report

පෙම්වතියගේ නිවසට පැමිණ බණ්ඩාරගම වල්ගම ප‍්‍රදේශයේ දෙවනත් කරමින් අධිබලැති යතුරුපැදියක් පැදවූ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි. 

තම දරුවන්ට පාසලේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමට නොහැකි ලෙස සෑම දිනකම සවස මහා හඬක් නංවමින් යතුරුපැදියක් ඒ මේ අත ධාවනයේ යෙදෙන බවට බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. සී. රාජපක්ෂ මහතාට ලැබුණු තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ශශික මධුසංඛ මහතා පැවසීය

. සැකකරු මොරොන්තුඩුව ප‍්‍රදේශයේ සිට වල්ගම ප‍්‍රදේශයේ පෙම්වතියගේ නිවසට පැමිණ මෙලෙස යතුරුපැදිය ඒ මේ අත ධාවනයේ යෙදෙන බවට විමර්ශනවලදී අනාවරණ වූ බව පොලිසිය කියයි. 

සැකකරු පැදවූ යතුරුපැදිය අත්අඩංගුවට ගෙන සිදු කරන ලද පරීක්ෂාවේ දී එහි ලියාපදිංචි අංකය ව්‍යාජ එකක් බවට අනාවරණය වීමෙන් අනතුරුව සැකකරුගෙන් සිදුකරන ලද ප‍්‍රශ්න කිරීමේදී මීට මාස කීපයකට ඉහතදී රුපියල් ලක්ෂ 13ක් ගෙවා මෙම යතුරුපැදිය මිලදී ගත් බව සැකකරු පැවසුවේ යැයි පොලිසිය කියයි.

එන්ජින් ධාරිතාව සී. සී. 1000 කාණ්ඩයට අයත් යතුරුපැදියේ චැසි අංකය මකා දමා ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරි උපාලි තලගල යන මහත්වරුන්ගේ උපදෙස් මත බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. සී. රාජපක්ෂ,  මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ශෂික මධුසංඛ යන මහත්වරු පරීක්ෂණ පවත්වති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now