බොරැල්ල වෙඩි තැබීම ගැන එළියට ආ අලුත්ම තොරතුර

Report

බොරැල්ලේ වෙඩිතැබීමට සම්බන්ධ සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 19 වනදා බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පදිංචි පුද්ගලයෙකුට වෙඩිතබා බරපතළ තුවාල සිදුකර මනූෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි, පොලීසිය සඳහන් කළේ.

සැකකරුව අද (02) කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ ග්‍රෑන්ඩ්පාස් සේදවත්ත ප්‍රදේශයේදීය.

එම අපරාධය සිදුකිරීම සඳහා භාවිත කළ යතුරුපැදියේ පැදිකරු යතුරුපැදිය ද සමග මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු 22 හැවිරිදි පුද්ගලයෙකි.