මුදලට ගත් නළඟනන් සමග පැවැත්වූ අමුතු සාදය
බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය ,මුදලට ගත් සුරූපී නළඟනන් සිවුදෙනකු සමග මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ පුද්ගලයන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව කියයි.
බඩෝවිට ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු පුතුන් ද එම සැකකරුවන් අතර වන බව පොලීසිය කියයි. සැකකරුවන් සමග හෑෂ් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 600ක්, හඳුනා නොගත් මත් පෙති වර්ග තුනක් පොලිස් භාරයට ගෙන ඇත.
දින එකහමාරක් පුරා අඛණ්ඩව බොරලැස්ගමුව පැපිලියාන ප්‍රදේශයේ නිවසක පිරිසත් එක්ව මත්ද්‍රව්‍ය ජාවාරමක් හෝ මත්ද්‍රව්‍ය සාදයක් පවත්වන බවට බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් අනුව වැටලීම සිදු කළ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් තරුණියන් කොල්ලුපිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක සේවය කරන්නියන් බවත් ඇතැයිද ජාවාරම්කරුවන් දෙදෙනා එම සුරූපී නළඟනන් සාදය සඳහා මුදලට ගෙන්වාගෙන ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැකකාරියන් සිව්දෙනා කොළඹින් දුරබැහැර පදිංචිකාරියක් බවත් සැකකරුවන් කොළඹ අවට පදිංචිකරුවන් බවත් පොලිසිය කියයි. සියලුම සැකකරුවන් සහ සැකකාරියන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
