බූස්ටර් එන්නත ගැන සුවිශේෂී හෙළිදරව්වක් - නවතම පරීක්ෂන ප්‍රතිඵලය මෙන්න..

By Sewvandhi Dec 18, 2021 02:28 AM GMT
Sewvandhi

Sewvandhi

Report

බූස්ටර් හෙවත් වර්ධක එන්නතේ ප්‍රතිඵල පිළිබඳ ව විශ්ලේෂණය කළ බ්‍රිතාන්‍ය පර්යේෂකයින් පිරිසක් එමඟින් ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය හේතුවෙන් දරුණු රෝගාබාධ තත්වයක් ඇතිවීම 85%ක් පමණ වළක්වන බව අනාවරණ කරගෙන තිබෙනවා.  

මේ නිසා බූස්ටර් එන්නත මඟින් ඔමික්‍රොන් ආසාදිතයන් රෝහල්ගත කිරීම කැපී පෙනෙන ලෙස අඩුවන බවයි බ්‍රිතාන්‍ය පර්යේෂකයින් පෙන්වා දෙන්නේ.

මෙම තොරතුරු අනාවරණ වුණේ, ඔමික්‍රොන් ප්‍රභේදය දැන් ශීඝ්‍රයෙන් පැතිර යන බ්‍රිතාන්‍යයේ නව ආසාදිතයන් 93,000කට වැඩි පිරිසක් ඊයේ දිනයේ වාර්තා වීමත් සමඟයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now