බූස්ස බන්ධනාගාරය උණුසුම් වෙලා..රැඳවියෝ කෑම එපා කියයි

Report

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂාව යටතේ රඳවා සිටින රැඳවියන් බන්ධනාගාරය විසින් ලබාදෙන ආහාර ආහාරයට ගැනීමට සුදුසු නැති බව පවසමින් සිරමැදිරිවර දොරවල් වැසීමට ඉඩ නොදෙමින් කලහකාරී ලෙස හැසිරෙමින් විරෝධතාවය ප්‍රකාශ කරමින් සිටිනවා.

ඔවුන්ගේ ඥාතීන් ප්‍රකාශ කර සිටින්නේ, ඥාතීන් විසින් පිටතින් ලබාදෙන ආහාර රැගෙන ඒම සීමා කිරීමත් සමඟ මෙම තත්ත්වය ඇතිවී තිබෙන අතර බන්ධනාගාරය විසින් ලබා දෙන ආහාර වර්ජනය කරමින් විරෝධතාවය දක්වන බවයි.

ගමන් බිමන් යෙදෙන තරමක් කළබලකාරී දිනයක්...දවසේ ලග්න පලාඵල

ගමන් බිමන් යෙදෙන තරමක් කළබලකාරී දිනයක්...දවසේ ලග්න පලාඵල

සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ සභාපති සුදේශ් නන්දිමාල් මහතා මෙවැනි සිදුවීමක් සිදුව තිබෙන බව තහවුරු කළ අතර ඉතා කඩිනමින් මේ පිළිබඳව විසඳුමක් අපේක්ෂාව කරන බවත් බන්ධනාගාරවල සිදුවන මෙවැනි සිදුවීම් පිළිබඳව දිගින් දිගටම වාර්තා වීමක් කණගාටුවක් බවත් බලධාරීන්ගේ අවධානය මේ පිළිබඳ යොමු කරමින් ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවත් ප්‍රකාශ කර සිටියා.

කාලගුණයෙන් දැනුම්දීමක් - අද වැසි හෝ ගිගුරුම් සහිත වැසි..

කාලගුණයෙන් දැනුම්දීමක් - අද වැසි හෝ ගිගුරුම් සහිත වැසි..