බුකර් සම්මානය ෂෙහාන්ට නැති කරයි?.'ෂෙහාන් අදම හොරෙක්' ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..(VIDEO)

Sri Lanka
By Aruna Nov 02, 2022 11:40 PM GMT
Aruna

Aruna

Report

ෂෙහාන් කරුණාතිලක මහතා බුකර් සම්මාන දින්නේ තමන්ගේ කතාවක් හොරකම් කරගෙන බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රාජ්පාල් අබේනායක මහතා චෝදනා කරනවා.

තමන් එම නවකතාව මුද්‍රණය කර ගැනීම සඳහා උදව් ලබා ගැනීමට ෂෙහාන්ට කතා කළ බවත් එහිදී ඔහු තම කතාව හොරකම් කරන ලද බවත් පවසන ඔහු ශෙහාන් කරුණාතිලක මෙතරම් අදම හොරෙක් යැයි තමන් නොදැන සිටි බවත ද කියා සිටියා.

තමන් මේ ගැන නීතිමය ක්‍රියාමාර්ග ගෙන ෂෙහාන් විසින් ලබාගත් සම්මානය නැති කරන බවත් තමන්ට සම්මාන නොලැබුණද ගැටලුවක් නැතැයිද ඔහු පවසයි.

2009 වසරේදී තමන් මෙම නවකතාව ලියූ බවත් 2011 වසරේදී ෂෙහාන්ට දුන් බවත් පවසන ඔහු එනිසා එය හොරකම් නොකලේ යයි ප්‍රකාශ කළ නොහැකි බවද කියාසිටියි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර සිටී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now