සියලු රාජ්‍ය සේවකයන්ට උත්සව දීමනාවක්..ලැබෙන ගාන මෙන්න..

By Sithumi Dec 24, 2021 01:50 PM GMT
Sithumi

Sithumi

Report

රාජ්‍ය නිලධාරීන් සඳහා 2022 වර්ෂයට අදාළව විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට තීරණය කර තිබේ.

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ සඳහන් කළේ රුපියල් 4,000කට නොවැඩි වන විශේෂ අත්තිකාරම් මුදලක් එලෙස ගෙවීමට රජය තීරණය කර ඇති බවය.

ඊට අදාළ චක්‍රලේඛය මේ වනවිට නිකුත් කර ඇත. මෙම අත්තිකාරම් ගෙවීම ලබන වසරේ ජනවාරි 01 වැනිදායින් ආරම්භ කර පෙබරවාරි 28 වැනිදායින් අවසන් කළ යුතුය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now