ළදරු කිරිබෝතලයකින් බෝම්බ සහ උණ්ඩ කිහිපයක් සොයාගැනේ..

Report

වැලිපැන්න නවුත්තුඩුවේ නිවසක ළදරු කිරිබෝතල් බහාලුමක සඟවා තිබූ අත් බෝම්බ දෙකක් සහ පතුරම් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන පුවතක් වාර්තා වනවා.

පොලිසිය පවසන්නේ, එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ රියැදුරෙකු බවයි.

වැලිපැන්න පොලිසියට අනුයුක්ත බස්නාහිර පළාත් බුද්ධි නිලධාරියාට ලැබුණු තොරතුරක් අනුව වැලිපැන්න පොලිසියේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී මෙවා සොයාගත් බවයි, වැලිපැන්න පොලිසිය පැවසුවේ.

මෙරට රාජ්‍ය නිලධාරීන්ට දින 15කට රට යන්න මෙන්න සුපිරි අවස්ථාවක්..අදම දැනුවත් වන්න..

මෙරට රාජ්‍ය නිලධාරීන්ට දින 15කට රට යන්න මෙන්න සුපිරි අවස්ථාවක්..අදම දැනුවත් වන්න..


පොලිසිය වැඩිදුරටත් පැවසුවේ, අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර විදේශ රටක නිෂ්පාදිත අත්බෝම්බ දෙකක්,ටී.56 වර්ගයේ පතුරම් 16 ක්, මිලිමීටර් 9 වර්ගයේ පතුරම් 2 ක් ,බෝර 12 පතුරම් 02 ක් සැකකරු සන්තකයේ තිබී මෙසේ අත්අඩංගුවට ගත් බවයි.