මෙරට රාජ්‍ය නිලධාරීන්ට දින 15කට රට යන්න මෙන්න සුපිරි අවස්ථාවක්..අදම දැනුවත් වන්න..
තායිලන්තයේ තාවකාලික පැවිද්ද සඳහා රජයේ නිලධාරීන් යොමු කිරීමේ වැඩපිළිවෙලක් මේ වනවිට ආරම්භ කර ඇති බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය අවධාරණය කර සිටිනවා.
ඒ, අනුව තායිලන්ත රජුගේ ජන්ම දිනය මූලික කරගනිමින් දෙරට අතර ඓතිහාසික ආගමික සහ සංස්කෘතික සබඳතා වැඩිදියුණු කිරීම, ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රජාව වෙනුවෙන්ම විශේෂ තාවකාලික පැවිදි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තායිලන්ත රජය මෙම වසරේ සැලසුම් කර තිබෙන බවයි පැවසෙන්නේ.
ඒ, අනුව මෙම වැඩසටහන එළඹෙන ජුනි මාසයේ දී දින 15ක් පුරාවට තායිලන්තයේ දි පැවත්වීමට කටයුතු යොදා ඇත.
බුද්ධශාසන, ආගමික හා සංස්කාතික කටයුතු අමාත්‍යාංශය වෙඩ් අඩවියට පිවිසීමෙන් මේ සදහා වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.
මෙම අයදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් යොමුකරන ලෙසත්, කිසිඳු හේතුවක් නිසා මාර්ගගත ක්‍රමයෙන් බැහැරව අයදුම් කිරීමට නොහැකි බවයි දැනුම් දී ඇත්තේ.