උස්වැටකෙයියාව කළඹමින් අභිරහස් මළ සිරුරක්
නාඳුනන මෘත ශරීරයක් පමුණුගම, උස්වැටකෙයියාව වෙරළ තීරයට ගොඩ ගසා ඇති බවට පමුණුගම පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබේ.
අදාළ පුද්ගලයා වයස අවුරුදු 40 – 45ක් පමණ වන පිරිමි පුද්ගලයෙක් වන අතර උස අඩි 05 අඟල් 03ක් පමණ වන අයෙකු බව වාර්තා වේ
එමෙන්ම ඔහු කොණ්ඩය කොටට කපා ඇති අතර කොළ පැහැති ටී ෂර්ටයක්, නිල් හා සුදු පැහැ මිශ්‍ර සරමක් හැඳ සිට ඇති බව සදහන්ය මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් තිබේ .
මේ පිළිබද පමුණුගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.