මේ වාහන නිවාස සහ අනෙකුත් වාහන ළඟ නවතා තැබීමෙන් වළකින්න - මේ වාහන යළි කැඳවීමත් සමඟ හිමිකරුවන්ට විශේෂ අනතුරු ඇඟවීමක්
ගිනි ගැනීමේ අවදානමක් නිසා BMW මෝටර් රථ 720,796ක් නැවත කැඳවීමට එම සමාගම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඒ අනුව ඇමෙරිකාවේ ජාතික මහාමාර්ග රථවාහන ආරක්ෂණ පරිපාලනය (NHTSA) මෝටර් රථ හිමියන්ට දැනුම් දී ඇත්තේ අදාළ වාහන අලුත්වැඩියා කරන තුරු ගොඩනැගිලි සහ අනෙකුත් වාහනවලින් ඈත්ව එළිමහනේ නවතා තබන ලෙසයි.
එහිදී විශේෂයෙන් මෝටර් රථයේ එන්ජිම ක්‍රියා විරහිත කර නවතා තිබියදී පවා ගිනි ගැනීමේ අවදානමක් පවතින බව BMW සමාගම පවසයි.
කෙසේ වෙතත් මෙම මෝටර් රථ 2024 වසරේදී ද ජල පොම්පයේ ඇති වූ තාක්ෂණික දෝෂයක් නිසා නැවත කැඳවා අලුත්වැඩියා කර තිබෙන අතර, එම අලුත්වැඩියාවෙන් පසුව ද ගිනි ගැනීම් 10ක් පමණ වාර්තා වී ඇත.
එබැවින් එම සිදුවීම් සහ වර්තමාන තාක්ෂණික දෝෂය අතර සම්බන්ධයක් පැවතිය හැකි බවට BMW සමාගම සැක පළ කරන බව සඳහන්.
එසේම ඇමෙරිකානු බලධාරීන් පෙන්වා දෙන්නේ ජල පොම්පයට සම්බන්ධ විදුලි සම්බන්ධකයක් නිසි ලෙස මුද්‍රා තබා නොතිබීම නිසා එයට ජලය ඇතුළු වී විදුලි කෙටි පරිපථයක් ඇති විය හැකි බවයි.
ඒ ඔස්සේ මෝටර් රථය ගිනි ගැනීමේ අවදානම ඉහළ යා හැකි බව ද වාර්තා වේ.
ඒ අනුව මෙම නැවත කැඳවීමට BMW 2 Series, 3 Series, 4 Series, 5 Series, X1, X3, X4, X5 සහ Z4 යන මාදිලිවලට අයත් 2012 සිට 2018 දක්වා නිෂ්පාදනය කළ ඇතැම් මෝටර් රථ ඇතුළත්.
රාජ්‍ය සේවකයින්ට පිස්සු හැදෙන ආරංචියක් - 2027 අයවැයෙන් අප්‍රේල් හෝ ජූලි වැටුප් සහ දීමනා වැඩි වෙන්නේ මෙහෙමයි - වැඩි වෙන ගාණත් එක්කම සම්පූර්ණ විස්තරේ
කෙසේ වෙතත් එම වාහනවල පවතින දෝෂය නිවැරදි කිරීමට BMW සමාගම මේ වනවිටත් විසඳුමක් සකස් කරමින් සිටින බව වාර්තා වේ.
එබැවින් අලුත්වැඩියා කටයුතු අවසන් කරන තුරු අදාළ මෝටර් රථ නිවාස, ගොඩනැගිලි සහ අනෙකුත් වාහන ආසන්නයේ නවතා තැබීමෙන් වළකින ලෙසට බලධාරීන් අවධාරණය කර ඇති බව සඳහන්.
එමෙන්ම මෝටර් රථය ක්‍රියා විරහිත කර තිබියදී පවා මෙම අවදානම පැවතිය හැකි බැවින්, අදාළ මාදිලිවල හිමිකරුවන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ඇමෙරිකානු ජාතික මහාමාර්ග රථවාහන ආරක්ෂණ පරිපාලනය වැඩිදුරටත් සඳහන් කරන බව සඳහන්.