වන්නිලඇත්තන්ට බ්ලොක් ඇන්ඩ් ඩිනෝ ප්‍රතිචාර දක්වයි (PHOTO)
ශ්‍රී ලංකාවේ ආදිවාසී ප්‍රජාවේ ප්‍රධානියා වන වන්නිලැත්තන් සිය වීඩියෝවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිල්ලක් ගොනුකර ඇති බවට වාර්තා වීමෙන් පසුව, ප්‍රහසන නළු යුගලයක් වන බ්ලොක් ඇන්ඩ් ඩිනෝ ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
මෑතකදී ජනප්‍රිය වූ මෙම වීඩියෝව ඔස්සේ, ආදිවාසී ප්‍රජාව සමච්චලයට ලක්කළ බවට චෝදනා එල්ල විය. ඊට ප්‍රතිචාර වශයෙන්, බ්ලොක් සහ ඩිනෝ පැහැදිලි කළේ, මෙම වීඩියෝව ආදිවාසී ජනාවාස නොමැති ප්‍රදේශයක් වන දඹුල්ලේ රූගත කර ඇති බවත්, “කිසිදු ද්වේෂයක් අරමුණු නොකළ බවත්, නිසැකවම අගෞරවයක් නොවන බවත්” ය.
තමන් මීට පෙර එම ප්‍රජාව නියෝජනය කරන බව හඳුන්වා දුන් පුද්ගලයකු සමඟ සන්නිවේදනය කර ඇති බවත්, ජනමාධ්‍ය වාර්තා පළවනතුරු ගැටළු එය ගැටළුවක් බව නොදැන සිටි බවත් ඔවුහු වැඩිදුරටත් පවසති.
“හාස්‍යය – සියලුම කලාවන් මෙන් – ආත්මීයයි” යැයි එම ප්‍රකාශයේ සඳහන් වේ.
