ස්විස් බැංකු රහස් හෙලි කරයි… ලාංකිකයන් 83ක් සැගවූ ධනය හෙලිවේ..

By Sewvandhi Oct 16, 2021 05:52 AM GMT
Sewvandhi

Sewvandhi

Report

වසර ගණනාවක් තිස්සේ ස්විස් බැංකුවෙහි පැවති රහස්‍යභාවය ස්විස් රජය මගින් අහෝසිකර ඇත. මේ නිසා ස්විස් බැංකුවල ඇති ශ‍්‍රී ලාංකිකයන් 83 දෙනකුගේ බැංකු ගිණුම් අනාවරණය වී තිබේ.

ස්විට්සර්ලන්තයේ ජිනීවා හි ප‍්‍රධාන බැංකු දෙකක මෙම ගිණුම් ඇතැයි ජිනීවා ආරංචි මාර්ග දක්වයි. ඉන්දීය රජය දැනටමත් ඉන්දියානුවන්ගේ ස්විස් බැංකු ගිණුම්වල තොරතුරු ලබාගෙන ඇත. ස්විස් පාර්ලිමේන්තුව සම්මත කළ පනතකින් මෙම රහස්‍යභාවය අහෝසි කර තිබේ.

මේ අතර , ආන්දෝලනාත්මක පැන්ඩෝරා සිද්ධිය සම්බන්ධයෙන් ලේඛණ පරීක්ෂා කරමින් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පවසනවා.

එහි උසස් නිලධාරිනියක සඳහන් කළේ, සිද්ධියට අදාල ලේඛණ පරීක්ෂා කිරීමේ කටයුතු ඉදිරියේදී ආරම්භ කරන බවයි. එමෙන්ම විවිධ පාර්ශව ඒ සම්බන්ධයෙන් ගොනු කළ පැමිණිලි සම්බන්ධයෙන්ද පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව ඇය සඳහන් කළා.

මේ අතර ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍යවරියක වන නිරූපමා රාජපක්ෂගේ සැමියා වන තිරුකුමරන් නඩේෂන් ඊයේ දෙවන දිනටත් අල්ලස් කොමිසමට පැමිණියා.

ඊයේ උදෑසන 11ට පමණ කොමිසම හමුවට පැමිණි ඔහු පැය 2කට පමණ පසු ඉන් පිටව ගොස් තිබුණා. පසුගිය 8 වැනි දා ද තිරුකුමරන් නඩේෂන් පැන්ඩෝරා සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අතර, එදින ඔහු පැය තුනක ප්‍රකාශයක් ලබාදුන්නා.


දන්න අය ගැන නොදන්න රස කතා ගොඩක් එක්ක ... තරු විත් ගගන.. ජනප්‍රිය කළා ලොවේ තරු , ලොවම ජයගත් ක්‍රීඩකයින්, ඇතුළු ඔබ ආදරය කරන අය ගැන බොහෝ දේ දැන ගන්න. අමතක නොකර සෑම සෙනසුරාදම අපි එක්ක එකතු වෙන්න. එහෙනම් දැන්ම ගගන යූ ටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. 
Subscribe කරන්න. වීඩියෝ එකක් අප්ලෝෆ් කරපු ගමන්ම දැන ගන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා.